පුතා කැඩු අතත් එල්ලන් අම්මා පොලිස් කූඩුව ළඟ- පුතා නිදහස් කරන්නැයි හඩා වැළපෙයි
Tuesday, 25 August 2020 - 9:25 | Views - 1,654
හැරමිටි වාරුවෙන් යමින් සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් ගසා අතත් කැඩී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුතාගේ සුවදුක් විමසීමට එම මව අම්පාර රෝහලේ සිට ඊයේ පෙරවරුවේ උහන පොලිසියට පැමිණි ඇත.
පහරකෑමට ලක්වූ මව අම්පාර රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී බවයි පොලිසිය පැවසුවේ. පහරකෑමට ලක්වූ 72 හැවිරිදි මවගේ එක් අතක් අස්ථි බිදීමකට ලක්වී ඇති බව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් දැනුම්දුන් බවද සඳහන් වේ.
පුතා කඩා දැමූ අතට ප්ලාස්ටරයක් ද දමාගෙන අත උරහිසේ රැඳවූ පටියකින් එල්ලාගෙන අමාරුවෙන් පොලිසියට පැමිණි මව, තමාට පහරදුන් පුතාට එහෙරහින නීතිය ක්‍රියාත්මක් නොකරන්නැයි හැඩු කදුළින් යුතුව ඉල්ලා සිට ඇත.
බීමතින් පැමිණි බව කියන සැකකාර පුතා හැරමිටි වාරවෙන් වැසිකිළියට යමින් සිටි තමාට පොල්ලකින් පහරදුන් බව කියමින් එම මව උහන පොලිසියට පැමිණිලි කර ඇත.
ලංකාදීප
Share This Article