පේරු රාජ්‍යයේ සමාජ ශාලාවක් වැටලීමේදී 13 ක් පෑගී මියගිහින්
Tuesday, 25 August 2020 - 9:15 | Views - 387
පේරු රාජ්‍යයේ කොරෝනා පාලන නීති කඩකරමින් පවත්වා ගෙන ගිය රාත‍්‍රී සමාජ ශාලාවක් එරට පොලීසිය විසින් වැටලූ අවස්ථාවේ ඇතිවූ තෙරපීමෙන් එහි සිටි පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තිබේ.
 
 මේ අය අතරින් වැඩි පිරිස පොලීසිය පැමිණීමත් සමග පලා යන්නට උත්සහ දැරීමේදී පෑගීමෙන් මියගොස් තිබේ. ඒ අවස්ථාවේ එහි උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබී ඇත. මෙහිදී පොලීසිය එම ස්ථානයට කඳුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළ බව මහජනතාව පවසන අතර රජය එය ප‍්‍රතික්ෂේප කර ඇත.
 
 මෙහිදී 23 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර එයින්  15 දෙනෙකුටම කොරෝනා වැළඳී ඇතැයි පේරු රජය පවසයි. මේ අතර වැටලීමට සහභාගි වූ පොලිස් නිලධාරීන් තිදෙනෙකුද තුවාල ලබා තිබේ.
 
 ලතින් ඇමරිකවේ තදින්ම කොරෝනා පැතිර යන රටක් වන පේරු රාජ්‍යයේ 594,000 කට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින අතර විසිහත් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.
 
 එරට දිගින් දිගටම රාත‍්‍රී ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වන අතර විශාල ප‍්‍රමාණයේ සාද තහනම්ය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top