හම්බන්තොට වරායට, පාවෙන එල්.එන්.ජී. පර්යන්තයක්
Tuesday, 25 August 2020 - 9:08 | Views - 620
හම්බන්තොට වරාය ආශ්‍රිතව එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වභාවික වායු පාවෙන ගබඩා පර්යන්තයක් සැකසීම සඳහා ආයෝජන මණ්ඩලය, පර්ල් එනර්ජි නැමති ජාත්‍යන්තර සමාගම සමඟ ගිවිසුමකට එළඹී තිබෙනවා.
ඇමරිකානු ඩොලර් මිලියන 97.2ක ආයෝජනයක් වන මෙම ව්‍යාපෘතිය සඳහා සෞදි අරාබියේ ආයෝජකයෙකු මුදල් යොදවා ඇති බව සඳහන්.
මෙහි ඉදිකෙරෙන පාවෙන එල්.එන්.ජී. පර්යන්තයේ වාර්ෂිකව ස්වභාවික වායු ටොන් මිලියනයක් ගබඩා කළ හැකියි.
එම ස්වභාවික වායු, කුඩා යාත්‍රා යොදා ගනිමින් මාලදිවයින සහ අනෙකුත් දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි ආයෝජන මණ්ඩලය ප්‍රකාශ කළේ.
Share This Article