බීමට ජලය පුරවා ඇති මත්පැන් බෝතල් ගැන රජය ගන්න යන තීරණය මෙන්න
Monday, 24 August 2020 - 17:09 | Views - 491
කාර්යාලවල රථවාහනවල මෙන්ම නිවෙස්වල මේස මත පවා හිස් මධ්‍යසාර වීදුරු බෝතල්වල ජලය බීමට ගැනීමට ගබඩා කර තබා ගැනීම මේ වනවිට සම්ප්‍රදායක වී තිබෙනවා.

මෙම සම්ප්‍රදාය වෙනස් කිරීම සඳහා කඩිනම් විසඳුමක් ලබාදීමට දුම්කොළ හා මධ්‍යසාර  පිළිබද ජාතික අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඉතා දැකුම්කළු හා හුරුබුහුටි ,පහසුවෙන් අතේ ගෙනයා හැකි “මැටි බෝතලයක්” හදුන්වාදීම මෙම වැඩපිළිවෙලේදී සිදුවන බවයි එම අධිකාරියේ සභාපති ආචාර්ය, වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන්නේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පූර්ණ එකඟතාවද හිමිව ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මැටි බඳුන් වල ජලය ගබඩා කර තබා ගැනීම කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ට හුරු පුරුදු කටයුත්තක් බවද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

එසේම නැවුම් ජලය නිරන්තරයෙන් ජනතාවට පානය කිරීමේ අවස්ථාව මෙම විශේෂ බෝතලය මගින් ඉඩ ලැබෙන බවයි සභාපතිවරයා පවසන්නේ.

අමාත්‍යවරයා සමග මූලික සාකච්ඡාව ඊයේ දිනයේ සිදුකර ඇති අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශයේ සෙසු කණ්ඩායම් මෙන්ම මෙම කරුණට අදාල සෙසු සම්පත් දායකයින්ගේද සභාගීත්වයෙන් මීලග සාකච්ඡාව කඩිනමින් පවත්වන බවද දුම්කොළ හා මධ්‍යසාර  පිළිබද ජාතික අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top