දුම්බීම හේතුවෙන් සුළු මානසික ආබාධ උග්‍ර වෙයි
Monday, 24 August 2020 - 15:56 | Views - 479
දුම්බීම හේතුවෙන් මාරක පිළිකා රෝගවලට අමතරව ප්‍රබල මානසික රෝගයන් ද ඇතිවන බව අනාවරණ වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය, දුම්වැටි සහ මධ්‍යසාර නිවාරණය සඳහා නව ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ පුහුණු වැඩසටහනක් අමතමින් විශේෂඥ මනෝ වෛද්‍ය අමිල ඉසුරු මහතා මේ බව ප්‍රකාශ කළා.

එසේම පවතින සුළු මානසික රෝග ලක්ෂණ වැඩි කිරීමටද දුම්බීම හේතුවක් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

එමෙන්ම මේ වනවිට දුම්බීම ප්‍රවර්ධනය කරන ප්‍රකාශන පිටු මිලියන 70ක් මේ වන විටත් දුම්වැටි සමාගම් විසින් සමාජ ගත කර ඇති බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වුයේ.

මේ අතර ඇමරිකාවේ සම්පූර්ණ දුම්වැටි නිෂ්පාදනයෙන් 50% ක් ම භාවිත කර  ඇත්තේ මානසික රෝග සහිත පුද්ගලයන් විසින් බවද නවතම පර්යේෂණ වාර්තා අනාවරණය කර තිබෙනවා.

එම පර්යේෂණ හරහා වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ සුළු මානසික ආබාධවල සිට දරුණු ගණයේ මානසික රෝග ඇතිවීම දක්වාම දුම්බීම හේතු වන බවයි.

දුම්බීමට ඇබ්බැහි වූවන් එම පුරුද්ද නිසා දැඩි කායික හා මානසික අපහසුතා වලින් පෙලෙමින් සිටින බව සිය දරුවන්ට වටහාදීම දෙමාපියන්ගේ වගකීම බවද වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය අමිල ඉසුරු මහතා ප්‍රකාශ කලා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top