අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් අසරණ වී සිටින ගොරකා වගාකරුවන් (වීඩියෝ)
Monday, 24 August 2020 - 14:22 | Views - 709
වසර ගණනාවක සිට ගොරකා අස්වැන්න සඳහා නිසි මිලක් නොමැතිවීමෙන් මෙරට ගොරකා වගාකරුවන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්වී සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබා දෙන ලෙසයි.

Garcinia gummi-gutta යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන ගොරකා මිනිස් ශරීරයට වැළඳෙන රෝගාබාධ රැසක් සුව කිරීමේ බලයක් ඇති හෙළ ඔසුවක් මෙන්ම මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ඈත අතීතයේ සිට යොදා ගන්නා මුළුතැන්ගෙයි නැතුවම බැරි අංගයක්.

නමුත් අද වනවිට සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් මෙරට ගොරකා වගාකරුවන් පත්ව සිටින්නේ දැඩි අසරණ තත්ත්වයකයි.

මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත, මඩවල, නාවුල, ගොහොලංවල, දීවිල්ල, පල්ලේපොළ, රත්තොට, උකුවෙල ආදී ප්‍රදේශ රැසක ප්‍රධාන බෝගයක් ලෙස
ගොරකා වගාව සිදු කෙරෙනවා.

මේ දිනවල ගොරකා වගාවේ අස්වැන්න නෙලීම ආරම්භවී ඇතත් සිය මහන්සියේ තරමට ප්‍රතිඵළ නොලැබීමෙන් ගොරකා වගාකරුවන් පත්ව සිටින්නේ
දැඩි අසරණ තත්ත්වයකටයි.

වියළි ගොරකා කිලෝග්‍රෑමයක් සකස් කර ගැනීමට අමු ගොරකා කිලෝ ග්‍රෑම් 8ක ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒ සඳහා දැඩි මූල්‍යමය බරපැනක් මෙන්ම ශ්‍රම
ශක්තියද අනූනව සැපයීමට අවශ්‍යයි.

එලෙස ලබා ගන්නා ගොරකා අස්වැන්න අඩු මිලට විකිණීමෙන් තමන්ට විශාල අලාභයක් සිදුවන බව පවසන ගොවීන් යටවත්ත සහ දීවිල්ල ප්‍රදේශවල
ගොරකා අස්වැන්න නෙළීම අතහැර දමා ඇති අයුරුයි මේ.

සිය ගැටළුව හඳුනාගෙන කඩිනමින් නිසි විසඳුම් ලබා දී ගොරකා වගාවේ අනාගතය සුරක්ෂිත කර දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top