උපාධිධාරීන් විරෝධතා පා ගමනක
Monday, 24 August 2020 - 13:05 | Views - 637
රැකියා ලබාදීමේදි ප්‍රතික්ෂේප වූ උපාධිධාරීන්ට අභියාචනා කැඳවීමකින් තොරව රැකියා ලබාදෙන ලෙස ඉල්ලා රැකියා විරහිත උපාධිධාරී සංගමය අද විරෝධතා පා ගමනක නිරතවුණා.

කොටුව දුම්රියපල ඉදිරිපිට සිට ජනාධිපති කාර්යාලය ආසන්නයට පැමිණි ඔවුන් අනතුරුව සන්දේශයක්ද භාරදුන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රැකියා විරහිත උපාධිධාරීන් 51,153 දෙනෙකුට රජයේ රැකියා සඳහා අද පත්වීම් ලිපි ලබාදීමට නියමිතව තිබෙනවා. තවත් උපාධිධාරීන් 9,954 දෙනෙකුගේ රැකියා ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට ඔවුන්ගේ නම් යටතේ මුදල් බැරවීම ඇතුලු තවත් කරුණු කිහිපයක් හේතුවෙන්.

කෙසේ වෙතත් තවත් උපාධිධාරීන් දස දහසකට රැකියා ලබාදීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර, එහිදී මෙම 9,954 දෙනාට මූලිකත්වය ලබාදෙන ලෙසයි ජනාධිපති කාර්යාලය වෙත සන්දේශය භාරදීමට පෙර අදහස් දැක්වූ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් ඉල්ලා සිටියේ.

එමෙන්ම උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී රැකියා විරහිත උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ටද සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා උසස් ජාතික  ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය අද විරෝධතාවක නිරතවුණා.

ජනාධිපති කාර්යාලය අසළ උද්ඝෝෂණය කිරීම සඳහා වෙන් කර ඇති ස්ථානයේ විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව ඔවුන් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අතර, එහිදි විරෝධතාකරුවන් පිරිසකට සාකච්ඡාවක් ලබාදීමට  බලධාරීන් පියවර ගෙන තිබුණා.

මේ අතර කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයද අද  දහවල් විශ්වවිද්‍යාලයේ  පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ, පන්ති තහනමට ලක්ව ඇති සිසුන් 27 දෙනෙකු සහ උපාධි තහනමට ලක්ව ඇති සිසුන් හතරදෙනෙකුට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්.

සරසවි පරිශ්‍රයේ සවිකර තිබූ සී සී ටී වී කැමරා පද්ධතිවලට හානි කිරීමේ සිද්ධිය මුල් කරගනිමිනුයි ඔවුන්ට මෙම තහනම පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගනු ලැබුවේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top