උප අගමැති ධුරයක් ගැන සාකච්ඡා සිදුකර නැහැ - ජී.එල්. කියයි
Monday, 24 August 2020 - 13:00 | Views - 544
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටවූ ස්වාධීන කොමිෂන් සභා තරම් දේශපාලනීකරණය වූ ආයතන තවත් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
අදාළ මාධ්‍ය හමුවේදී යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයෙන් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයක් ඇති කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.
එහිදි ඔහු ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා නිල සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි. කෙසේ වෙතත් අවශ්‍ය නම් එවැනි වරප්‍රසාද පවතින බවද මහාචාර්ය ජී.එල්.පීරිස් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
Share This Article