දෙවරක්ම සිය දිවි නසා ගන්න තැත් කළ, පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ තරුණයා
Monday, 24 August 2020 - 12:08 | Views - 927
බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු සිය ගෙල කපා ගෙන සිය දිවි හානි කරගැනීමට තැත් කර තිබෙනවා .

එහිදී අසාද්‍ය වූ සැකකරුවා හලාවත මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට කටයුතු කළ බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ.

ඊයේ (24) පෙරවරුවේ මේ සිදුවීම වී ඇත්තේ හලාවත මහා රෝහලේ 18 වෙනි වාට්ටුවේ වැසිකිලියක් තුළදීයි.

මෙලෙස සියදිවි හානි කර ගැනීමට උත්සහ කර ඇත්තේ මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

සිය දිවි හානි කර ගැනීමට උත්සහ දරා ඇත්තේ පසුගිය සෙනසුරාදා (22) ගල්මුරුව ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය  කර  වස පානය කිරීමෙන් අනතුරුව රෝහල් ගත කළ පුද්ගලයා බව සඳහන්.

අදාල සැකකාර පුද්ගලයා  හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි බවයි  එම නිලධාරීන් කියා සිටියේ .

අනතුරුව ඊයේ (23) පෙරවරුවේ සැකකරු විසින් තමන්ට වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසු බවත් පසුව බන්ධනාගාර නිලධාරීන් මාංචු සහිතව සැකකරු වැසිකිළියට රැගෙන ගිය බව සඳහන්.

එහිදී සැකකරු එකවරම වැසිකිළියේ දොර වසා සිය ගෙල කපා ගෙන තිබෙනවා .

මෙහිදී වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් වහා සැකකරු හලාවත මහා  රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කකිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හලාවත පොලිසිය මේ සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top