ගලගෙදර අනතුරකින් පියා සහ කුඩා දියණිය ජීවිතයෙන් සමුගනී
Monday, 24 August 2020 - 11:01 | Views - 1,128
කටුගස්තොට - කුරුණෑගල මාර්ගයේ ගලගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අවුරුදු දෙකක් වයසැති කුඩා දැරියක් සහ ඇයගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ සාදික්කා ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක බහලුම මෝටර් රථයක් මතට පෙරළී තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු දෙකක් වයසැති දැරිය ගලගෙදර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් හත්දෙනෙකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊයේ පස්වරුවේ තවත් තරුණයින් 5 දෙනෙකු සමඟ මොවුන් ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

එහිදී දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය - පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top