ගලගෙදර අනතුරකින් පියා සහ කුඩා දියණිය ජීවිතයෙන් සමුගනී
Monday, 24 August 2020 - 11:01 | Views - 1,129
කටුගස්තොට - කුරුණෑගල මාර්ගයේ ගලගෙදර ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අවුරුදු දෙකක් වයසැති කුඩා දැරියක් සහ ඇයගේ පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ සාදික්කා ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක බහලුම මෝටර් රථයක් මතට පෙරළී තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු දෙකක් වයසැති දැරිය ගලගෙදර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් හත්දෙනෙකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ සිරුරු සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිසිය ප්‍රකාශ කළා.
ඊයේ පස්වරුවේ තවත් තරුණයින් 5 දෙනෙකු සමඟ මොවුන් ගල්කිස්ස මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
එහිදී දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය - පූඩළුඔය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයන් දෙදෙනෙක්.
Share This Article