වයස අවුරුදු 12ට වැඩි සියලූ දෙනා මුව ආවරණ පැළඳීම අනිවාර්යයි
Monday, 24 August 2020 - 9:52 | Views - 181
කොරෝනා වසංගතය පැතිරයාම වැළැක්වීම සඳහා ලොව පුරා වයස අවුරුදු දොළහට වැඩි සියලූ දරුවන් හා වැඩිහිටියන් සියලූ දෙනා මුව ආවරණ පැළඳීම අනිවාර්ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ප‍්‍රකාශයට පත් කර තිබේ.
 
 වැඩිහිටියනට මෙන්ම තරුණ දරුවන්ටද එකම ආකාරයෙන් වෛරසය බෝවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
 වයස අවුරුදු හයත් දොළහත් අතර දරුවන් වෛරසය ශරීර ගතවූ පිරිස් අතර ගැවසෙන්නේ නම් හෝ එය පැතිර යන ප‍්‍රදේශවල ගත කරන්නේ නම් මුව ආවරණ පැළඳ සිටිය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
 
 වයස අවුරුදු පහට අඩු දරුවන් මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කර තිබේ.
 
 මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කොරෝනා වෛරසය තවත් වසර දෙකක් පවතිනු ඇති බවයි. එහෙත් එක්සත් රාජධානියේ වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ කොරෝනා වෛරසය ලොවෙන් තුරන් නොවන අතර දිගින් දිගටම වරින් වර ඊට අදාළ එන්නත් ලබා ගන්නට ලොව පුරා ජනතාවට සිදුවනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top