විදේශයන් හි රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
Monday, 24 August 2020 - 9:33 | Views - 1,405
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටි තවත් ශ්රී ලාංකිකයින් 250ක පිරිසක් දිවයිනට පැමිණියා.
අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපොලෙන් මෙම පිරිස මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ.
දෝහා කටාර් සිට 21ක්, බහරේන් සිට 180 දෙනෙක් සහ ඉන්දියාවේ අහමදාබාද් හි සිට 49 දෙනෙක් මෙලෙස මෙරටට පැමිණ තිබෙනවා.
මොවුන් ගුවන් තොටුපොළේදී පී.සී.ආර්. පරීක්ෂාවන්ට භාජනය කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර කිරීමට පියවර ගැනුණා.4
Share This Article