ලොව වසස්ගතම මිනිසා ෆ්‍රෙඩි බ්ලෝම් මිය යයි
Monday, 24 August 2020 - 9:08 | Views - 798
ලොව වයස්ගතම මිනිසා වන දකුණු අප‍්‍රිකාවේ ෆ්‍රෙඩි බ්ලෝම් මිය ගොස් තිබේ.
 
 මිය යන විට ඔහුගේ වයස අවුරුදු 116 කි. කෙසේ වෙතත් ඔහු ගිනස් වාර්තා පොතට ඇතුළත් නොවීය.
 
 එරට ඊස්ටර්න් කේප් ප‍්‍රාන්තයේදී 1904 වසරේදී ඔහු උපන්නේය. ඔහුට වයස අවුරුදු 14 දී එනම් 1918 දී ස්පාඤ්ඤ උණ
 
 රෝගයෙන් ඔහු හැර ඔහුගේ පවුලේ සියලූ දෙනා මිය ගියහ. ලෝක යුද්ධ දෙකේදීම ඔහු තම ජීවිතය බේරාගන්නට සමත් විය.
 
 2018 වසරේදී ඔහු ප‍්‍රකාශ කළේ ඔහුගේ දිගුකාලීන ජීවිතයට විශේෂ හේතු හෝ රහස් නොමැති බවය. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ඔහු කම්කරුවකු ලෙස සේවය කළේය. මුල් කාලයේදී ගොවිපලක සේවය කළ ඔහු පසුව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සේවය කළේය. ඔහු විශ‍්‍රාම ගත්තේ වයස අවුරුදු අසූ ගණන් වලදීය.
 
 මත්පැන් බීම කලකට පෙර ඔහු විසින් නතර කළද මියයන තුරුම දිනපතා ඔහු දුම්පානය කළේය.
 
 ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ ස්වභාවික හේතුමත ඔහු මිය ගිය බවය.

Delft resident celebrates 115th birthdayHe doesn't want to accept he is old, let alone the oldest man in ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top