ප්‍රබල සුළි කුණාටු දෙකක් ඇමරිකාවට
Monday, 24 August 2020 - 8:53 | Views - 790
ඇමරිකාවේ ගල්ෆ් වෙරළ තීරය ආශ්රිත ප්‍රදේශයට අද දිනයේ සුළි කුණාටු දෙකක් බලපෑ හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.
අධික වර්ෂාව සහ සුළං හමුවේ ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බවටයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
පැයට කිලෝමීටර 120 ක පමණ ප්‍රබලත්වයකින් මෙම සුළි කුණාටුව ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.
ලුසියානා ප්‍රාන්තයට මාකෝර් ලෙස හඳුන්වන එක් සුළි කුණාටුවක් අද දිනයේ ඇතුලුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.
ලෝරා නම් සුළි කුණාටුව මේ වනවිටත් හයිටි රාජ්‍යයට බලපා ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
එම සුළි කුණාටුවද ඇමරිකානු වෙරළ තීරයට අනිද්දා වනවිට ළඟාවිය හැකි බවයි ඇමරිකානු කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.
Share This Article