ප්‍රබල සුළි කුණාටු දෙකක් ඇමරිකාවට
Monday, 24 August 2020 - 8:53 | Views - 791
ඇමරිකාවේ ගල්ෆ් වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට අද දිනයේ සුළි කුණාටු දෙකක් බලපෑ හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙනවා.

අධික වර්ෂාව සහ සුළං හමුවේ ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බවටයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පැයට කිලෝමීටර 120 ක පමණ ප්‍රබලත්වයකින් මෙම සුළි කුණාටුව ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා.

ලුසියානා ප්‍රාන්තයට මාකෝර් ලෙස හඳුන්වන එක් සුළි කුණාටුවක් අද දිනයේ ඇතුලුවිය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

ලෝරා නම් සුළි කුණාටුව මේ වනවිටත් හයිටි රාජ්‍යයට බලපා ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

එම සුළි කුණාටුවද ඇමරිකානු වෙරළ තීරයට අනිද්දා වනවිට ළඟාවිය හැකි බවයි ඇමරිකානු කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top