තංගල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට
Sunday, 23 August 2020 - 13:38 | Views - 753
තංගල්ල මුහුදේ රළ පහරට හසුව ගසාගෙන තරුණයෙක් දියේ ගිලී ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු මෙම අනතුරට මුහුණ පා ඇත්තේ මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේදීයි.
බෙලිඅත්තේ පදිංචි හත් දෙනෙකුගෙන් යුත් මිතුරන් කණ්ඩායමක් තංගල්ල ගොයම්බොක්ක මුහුදු ප්‍රදේශයේ දිය නෑමට පැමිණ තිබුණේ ඊයේ පස්වරුවේයි.
එහිදී කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
දිවි බේරාගත් තරුණයා තංගල්ල මූලික රෝහල වෙත ඇතුලත් කෙරුණා.
අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් සොයා ගනු ලැබුවේ අද පෙරවරුවේයි.
මියගිය තරුණයා මාතර කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන 21 හැවිරිදි වියේ පසුවන්නෙක්.
හදිසි මරණ පරීක්ෂකවරයාගේ පරික්ෂාවෙන් පසු දේහය තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
Share This Article