රතන හිමි අදත් නැහැ
Sunday, 23 August 2020 - 13:16 | Views - 1,860

මහමැතිවරණය අවසන් වී දින 18ක් ගතවුවද එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.
එහිදී අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි ගැටලූකාරිත්වයක්.
ඒ අනුව එම පක්ෂයේ මහලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගත් බවට පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත්ව තිබෙනවා.
පසුගිය 19 වනදා අදාල පැමිණිල්ල ගොනු කර තිබුනේ පැහැරගත් බව කියන අපේ ජන බල පක්ෂයේ මහලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ගේ සම්බන්ධිකරණ ලේකම් පුජ්‍ය හුනුපිටියේ චන්ද්‍රසිරි හිමියන් විසින්.
ඊයේ දිනයේ පැමිණිල්ල විභාගයට ගත් අතර පස්වරුවේ පුජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ සිටින සදහම් සෙවන විහාරස්ථානයට කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගියද උන්වහන්සේ හමුවිමට නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් එහිදි දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේදී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට දන්වා ඇත්තේ අද පෙරවරුවේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පෙනී සිටින බවයි.
කෙසේ වෙතත් අද පෙරවරුවේ පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදන්වීමට අදාල පැමිණිල්ල යළි විභාගයට ගත් අවස්ථාවේ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැමිණ නැහැ.
මේ අතර, මෙවර මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු එක්සත් ජාතික පක්ෂයද ඔවුන්ට හිමිවු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සදහා පත්කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන් එකගතාවට පැමිණී නැහැ.
අප ඒ සම්බන්ධයෙන් සිදුකල විමසීමකදී එම පක්ෂයේ නීති ලේකම් නිතිඥ නිශ්ශංක නානායක්කාර සදහන් කළේ පක්ෂය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් පසුවට තීරණයක් ගනු ඇති බවයි.
Share This Article