ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් තිස් ලක්ෂය පනී
Sunday, 23 August 2020 - 13:11 | Views - 662
ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් විසි ලක්ෂයක් වාර්තාවී දින 15 ක් තුළ එය තිස් ලක්ෂය දක්වා ඉහළයාම විශේෂත්වයක්.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව විසිලක්ෂය ඉක්මවූයේ පසුගිය 7 වනදායි.

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සටහන් වන ඉන්දියාවෙන් පසුගිය දින 18 තුළම ලොව වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාව වාර්තාවුණා.

මේ අතර, කොරෝනා වෛරසය කවර ආකාරයකින් හෝ සැමදා අප අතර පැවතිය හැකි බවට වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් මතයක් ඉදිරිපත් කරනවා.

බ්‍රිතාන්‍ය රජයේ හදිසි සේවා සඳහා වූ විද්‍යාත්මක උපදේශක කණ්ඩායමේ ප්‍රධානී ශ්‍රීමත් මාක් වල්පෝට් කියා සිටියේ මේ නිසා කොරෝනා එන්නත් නිරන්තරයෙන් ලබාදීමට සිදුවනු ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 ගෝලීය වසංගතය ස්පැනිෂ් ෆ්ලූ වසංගතය මෙන් නොව වසර දෙකකට අඩු කාලයකදී පාලනය කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබියදියි.

බ්‍රිතාන්‍ය උපදේශක කණ්ඩායම පෙන්වා දෙන්නේ ස්පැනිෂ් ෆ්ලූ වසංගතය ඇතිවූ 1918 වසරට වඩා වර්තමාන ලෝක ජනගහණය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් එම තත්ත්වයන් සම කළ නොහැකි බවයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෝලීය එන්නත් කරන වැඩසටහනක් අවශ්‍ය වනවා.

එමෙන්ම සරම්ප එන්නත මෙන් ජීවිත කාලයටම ප්‍රතිශක්තියක් ලබා නොදෙන බැවින් කොරෝනා එන්නත් නිශ්චිත කාලසීමාවකදී විටින් විට ලබාදීමට සිදුවනු ඇති බව බ්‍රිතාන්‍ය  වෛද්‍ය උපදේශක කණ්ඩායමේ ප්‍රධානියා පෙන්වා දෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top