විදේශයන්හි ශ්රී ලංකා තානාපති කාර්යාවල අතිරික්ත සුබසාධක නිලධාරීන් දිවයිනට ගෙන්වයි
Sunday, 23 August 2020 - 13:05 | Views - 1,203
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යනු ලබන සුබසාධන අංශවල අතිරික්ත නිලධාරීන් යළි දිවයිනට ගෙන්වාගැනීම සඳහා පියවර ගනිමින් සිටිනවා.
කොරෝනා වෛරස වසංගතයත් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ආදායම් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් වියදම් කපාහැරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි එම කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කළේ.
කාර්යාංශයේ වියදම් කපාහැරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මෙම තීරණයට එළඹී ඇත්තේ එහි නිර්දේශ අනුවයි.
දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යනු ලබන සුබසාධන අංශවල නිලධාරීන් 125 දෙනෙකු පමණ සේවය කරනවා.
වියදම් කපාහැරීම යටතේ එම නිලධාරීන්ගෙන් 40 ක පමණ කණ්ඩායමක් පමණක් විදේශ රටවල සේවය සඳහා යොදවන අතර, අනෙකුත් නිලධාරීන් නැවතත් දිවයිනට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.
එමඟින් සියයට 65ක පමණ ඉතිරියක් අපේක්ෂා කෙරෙනවා.
Share This Article