විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාවල අතිරික්ත සුබසාධක නිලධාරීන් දිවයිනට ගෙන්වයි
Sunday, 23 August 2020 - 13:05 | Views - 1,204
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යනු ලබන සුබසාධන අංශවල අතිරික්ත නිලධාරීන් යළි දිවයිනට ගෙන්වාගැනීම සඳහා පියවර ගනිමින් සිටිනවා.

කොරෝනා වෛරස වසංගතයත් සමඟ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ආදායම් විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් වියදම් කපාහැරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි එම කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ සඳහන් කළේ.

කාර්යාංශයේ වියදම් කපාහැරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මෙම තීරණයට එළඹී ඇත්තේ එහි නිර්දේශ අනුවයි.

දැනට විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යනු ලබන සුබසාධන අංශවල නිලධාරීන් 125 දෙනෙකු පමණ සේවය කරනවා.  

වියදම් කපාහැරීම යටතේ එම නිලධාරීන්ගෙන් 40 ක පමණ කණ්ඩායමක් පමණක් විදේශ රටවල සේවය සඳහා යොදවන අතර, අනෙකුත් නිලධාරීන් නැවතත් දිවයිනට කැඳවීමටයි පියවර ගෙන ඇත්තේ.

එමඟින් සියයට 65ක පමණ ඉතිරියක් අපේක්ෂා කෙරෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top