මෙරට පී.සී.ආර්. පරීක්ෂණ දෙලක්ෂය ඉක්මවයි - 31,000කගේ නිරෝධායනය අවසන් - සුවය ලැබූ සංඛ්‍යාව 2805 දක්වා ඉහළට
Sunday, 23 August 2020 - 12:59 | Views - 619

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 130 ක්.
මේ අතර ශ්‍රී ලංකාවේ 12 වන කොරෝනා මරණය ඊයේ මැදියම් රැයේ වාර්තාවූයේ අයි.ඩි.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන්.
ඉන්දියාවේ සිට පැමිණි 47 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එලෙස මියගිය බවයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
ඇය පිළිකා රෝගයකින් මෙන්ම අධික රුධිර පීඩනයෙන් සහ දියවැඩියාවෙන්ද පෙලූනු තැනැත්තියක්.
පසුගිය විසිවනදා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ඇය ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට අයි.ඩී.එච්. රෝහලට මාරුකර එවා තිබෙනවා.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියයාමට අවසන් වශයෙන් හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවයි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කළුවැව සඳහන් කළේ.
මෙලෙස ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණයක් වාර්තාවූයේ දින 83 කට පසුවයි.
මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2947 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ චෙන්නායි සිට පැමිණි දෙදෙනෙක්, කුවේට් සිට පැමිණි දෙදෙනෙක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඇමරිකාවේ සිට පැමිණි දෙදෙනෙක්, ඊයේ දිනයේදී ආසාදිතයන් ලෙස වාර්තා වීමත් සමගයි.
ඔවුන් විදෙස් ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
මේ අතර, නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 161 දෙනෙකු අද දිනයේ සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව 31,173 දෙනෙකු මේ වනවිට සිය නිවෙස් බලා පිටත්ව ගොස් අවසන්.
මේ වනවිට මධ්‍යස්ථාන 52 ක් තුළ තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් සංඛ්‍යාව 7,304ක්.
මේ අතර ඊයේ දිනය තුළ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ 1,710ක් සමඟ මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ 2,907ක් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දන කමිටුව සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කර ඇති බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යාව සහ කටාර් රාජ්‍යවල රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙකුද අද අලූයම දිවයිනට පැමිණියා.
ඔවුන් කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලවලින් දිවයිනට පැමිණි අතර, පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා පිටත් කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
අද උදෑසනින් අවසන්වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 69,239ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට තිස් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ සිට මරණ 912ක් වාර්තාවීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 56,706 දක්වා ඉහළ ගොස් ඇති බවයි
Share This Article