වීවලින් ඵලදාව ගත නොහැකිව අසරණ වූ පොළොන්නරුවේ ගොවීන්
Saturday, 22 August 2020 - 14:35 | Views - 388
කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් මත වගා කළ වීවලින් ඵලදාව ගත නොහැකිව අසරණ වූ ගොවීන් පිරිසක් පිළිබඳව පොළොන්නරුව දිස්ත්රික්කයෙන් වාර්තා වනවා.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, තමන් පත්ව සිටින අපහසුතාව සළකා කිසියම් සහනයක් සලසන ලෙසටයි.
පොළොන්නරුව දිස්ත්රික්කයේ මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, දියබෙදුම ආදී ප්රදේශ රැසක ගොවීන්ගේ කුඹුරු පසුගිය දෙසැම්බර් කාලයේදී ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් පාළුවීමත් සමග මෙවර කන්නයේ වගා කිරීම සඳහා කෘෂි නිලධාරීන් නව වී ප්රභේදයක් හඳුන්වා දී තිබෙනවා.
ගොවීන් පවසන්නේ, මෙම වී ප්රභේදය මගින් කොවිඩ් 19 රෝගීන් වෙනුවෙන් විශේෂ කැඳ වර්ගයක් පිලියෙල කරගත හැකි වීම ඇතුළු විශේෂතා රැසක් පිළිබඳව කෘෂි නිලධාරීන් තමන්ව දැනුම්වත් කළ බවයි.
කෘෂි නිලධාරීන්ගේ දැනුම්වත් කිරීම හමුවේ මෙම ගොවීන් මෙවර කන්නය වගා කර ඇත්තේ කාබනික පොහොර ද යොදාගෙනයි.
මෙම තත්ත්වය හමුවේ මේ වනවිට ගොවීන්ට සිදුව ඇත්තේ දැඩි පරිශ්රමයක් දරා වගා කළ තම ගොයම ගිනි තැබීමටයි.
Share This Article