රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂකවරයා හඬා වැටෙමින් පාස්කු කොමිසමේ දුන් සාක්ෂි
Saturday, 22 August 2020 - 14:15 | Views - 2,760
පාස්කු ප්‍රහාරට පෙර දින සහ ප්‍රහාරය එල්ල වීමට මිනිත්තු කිහිපයකට පෙර එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එය දැනුම් දීමට තමන් උත්සහ කළද ඒ වන විට පෞද්ගලික විදෙස් සංචාරයක නිරතව සිටි හිටපු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ 16 වන දිනටත් ජනපති කොමිසමේ සාක්ෂි ලබාදෙමින්.
කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ හඬා වැටෙමින් පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරයට පෙර ජාතික ආරක්ෂක කවුන්සිලය අවසන් වරට රැස්වූයේ පෙබරවාරි මාසයේ බවද අනාවරණය කළා.
Share This Article