රජයේ රැකියා වැඩසටහන සඳහා තෝරා නොගත් උපාධිධාරීන්ට දැනුම්දීමක්
Saturday, 22 August 2020 - 13:26 | Views - 1,234
රැකියා විරහිත උපධිධාරීන්, ඩිප්ලෝමාධාරීන් , රැකියා ගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සපුරා ඇති එහෙත් අභ්‍යාසලාභී පුහුණුව සඳහා සුදුසුකම් නොලැබූ ,අයදුම්කරුවනට ඒ සඳහා අභියචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.ඒ අනුව ප්‍රතික්ෂේප වීමේ හේතුව ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම ලෙස සඳහන් සඳහන් අයදුම්කරුවන්ට මෙලෙස අභියාචනා ඉදිරිපත් කිරීමට අවසථාව හිමි වන බවයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කළේ.එම අයදුම්කරුවන් සැප්තැම්බර් මස 15 දිනට පෙර රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය වන www.pubad.gov.lk හි සදහන් දැන්වීම අනුව අයදුම් කළ යුතු වනවා.එම අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි වැඩිදුරත් කියා සිටියේ සුදුසුකම් ලැබූ අයදුම් කරුවන් පුහුණුව සදහා කැඳවීමට අපේක්ෂා කරන බවයි.
Share This Article