දෙවන වරටත් කොමිසමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂකවරු
Saturday, 22 August 2020 - 13:19 | Views - 617
ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, නාලක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් ඇතුළු තවත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ කොමිසම හමුවේ පෙනී සිටියා.

කොමිසම හමුවේ අනාවරණ වූයේ එම ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුව ඇති බවටයි.

කොමිසම ආරම්භයේදීම එහි සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ, එදිරිසිංහ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අරුලානන්දන් මහතාගේ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බවත් කිසියම් සාක්ෂිකරුවෙකුට කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට බලපෑම් කිරීමට නීතිමය බලයක් කොමිසමට නොමැති නිසා ජීවක, අසංක, නාලක සහ දීපා එදිරිසිංහ යන ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනාගෙන් සාක්ෂි විමසීමෙන් වැළකී සිටීමට කොමිසම තීරණය කළ බවයි.

ඉන් අනතුරුව සාක්ෂි ලබාදීමට පැමිණි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු, නාලක එදිරිසිංහ රුපියල් මිලියන 50ක් ඉල්ලූ අවස්ථාවේදී තමන් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පහර දෙන බවට තර්ජනය කළ බව සඳහන් කළා.

ඔහු සඳහන් කළේ තවත් අවස්ථාවකදී නාලක එදිරිසිංහ ඉල්ලා සිටි රුපියල් මිලියන 200ක් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා තමන්ට මැර ප්‍රහාරයකට පවා ලක්වීමට සිදු වූ බවයි.

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයෙන් එල්ල වූ මෙවැනි තර්ජන හේතුවෙන් තමන් සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ පැවසුවා.
 
ඉන් අනතුරුව සාක්ෂි ලබාදීමට පැමිණි තවත් ඊ.ටී.අයි. අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු පෙන්වා දුන්නේ, ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ මුදල් පිළිබඳව කළ විමර්ශනයකදී, එහි ආදායම වක්‍රාකාරයකින් එදිරිසිංහ පවුලේ සාමාජිකයින්ම පරිහරණය කර ඇතැයි අනාවරණ වූ බවයි.

සෝමා එදිරිසිංහ මහත්මියට රුපියල් මිලියන 35ක නව මෝටර් රථයක් ලබාගැනීම සඳහා මිලියන 15 ක් අවශ්‍ය වූ අවස්ථාවක, අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමාට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත්වීමට සිදු වූ බවද සාක්ෂිකරු කොමිසමට පැවසුවා.

ජීවක එදිරිසිංහ ඇතුලු පිරිසක් තම නිවසට පැමිණ ඊ.ටී.අයි. ආයතනයෙන් ඉවත්වන ලෙස දැන්වූ අවස්ථාවේදී, මහ බැංකුවේ අනුමැතිය ඊට අවශ්‍ය බව ඔවුන්ට පැවසූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

එදින මහ බැංකු නිවාඩු දිනයක් වුවද, එදින පස්වරුවේම තමන්ට එම අනුමැතිය ඇතුළත් ලිපිය ලැබුණු බව සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා.

සාක්ෂිකරු පෙන්වා දුන්නේ, ඊ.ටී.අයි. ආයතනය සතු දේපළ රැසක් මිළදීගෙන ඇත්තේ මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුමකින් බවයි.

අදාළ ගිණුමෙන් මුදල් වියදම් කළ ආකාරය තමන් නොදන්නා නමුත් බොහෝ මුදල් වියදම් කර තිබුණේ ආදායම් බදු නිලධාරීන්ට අල්ලස් දීම සඳහා බවද සාක්ෂිකරු පැවසුවා.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ, මේ සියලු කරුණුවලට මහ බැංකුවද වගකිව යුතු බවට තමන්ට හැඟෙන්නේ නැද්ද යන්න පිළිබඳවයි.

එවිට සාක්ෂිකරු පැවසුවේ, මෙම කරුණු පිළිබඳව මහ බැංකුව දැනුවත් බව තමන්ට වැටහුණු බවයි.

අදාළ කරුණු මහ බැංකුව දන්නා බවට ජීවක එදිරිසිංහ විටෙක තමන් සමග පැවසූ බව ද සාක්ෂිකරු කොමිසමට කියා සිටියා.

සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ ඊ.ඒ.පී. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව සොයන අවස්ථාවකදී තමන්ට ජීවිත තර්ජනද එල්ල වූ බවයි.

එමෙන්ම අවුරුදු 5ක පමණ බදු මුදල් ගෙවීම පිළිබඳව ගනුදෙනු නිවැරදිව සකස් කර නොතිබූ බවද තමන්ට දැකගන්නට ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළා.

එමෙන්ම තම තැන්පත්කරුවන් ආදායම් බදුවලින් නිදහස් වීම සඳහා ඊ.ටී.අයි. ආයතනය මහ බැංකුවට අනාවරණ නොකළ ගිණුමෙන් මුදල් තැන්පත් කරන බවත් රජයේ විගණකාධිපතිවරයාද මෙහි මුදල් තැන්පත් කර තිබූ බව තමන්ට දැනගැනීමට හැකි වූ බවත් සාක්ෂිකරු පැවසුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top