කෝප් සහ කෝපා කාරක සභාවලට සාමාජිකයන් පත් කිරීම ලබන සතියේ
Saturday, 22 August 2020 - 13:14 | Views - 568
09 වන පාර්ලිමේන්තුවේ කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සහ කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරිම ලබන සතියේ සිදු කිරිමට නියමිතයි.

ඒ අනුව බොහෝ දුරට එම කටයුතු මීළගට පාර්ලිමේන්තුව රැස්වන ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා සිදු කරනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම මෙම කමිටු දෙකට මෙන්ම පාර්ලිමේන්තුවේ විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා සඳහා නියෝජිතයින් පත් කිරිමට ද  සියලූ පක්ෂ වලින් නාමයෝජනා කැඳවා තිබෙනවා.

ඒ ඊයේ රැස්වු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව එළඹි තිරණයකට අනුවයි.

කෙසේවෙතත්, කෝප් සහ කෝපා යන කමිටු දෙකේහිම සභාපතිත්වය විපක්ෂයට ලබා දෙන ලෙස මේවන විට ඉල්ලීමක් ඉදිරිපත්ව තිබෙනවා.

එම ඉල්ලිම ඊයේ රැස් වු පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල විසින් නැවත ඉදිරිපත් කර තිබුණා.

අටවන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති කටයුතු කළ අතර කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නයි.

මේ අතර විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත සකස් කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි විසින් සිදු කරන බවයි රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අදාළ කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව එය, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ඇතුලූ පිරිස නියෝජනය කරන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් පසුව ඒ පිළිබඳ නිර්දේශ අදාළ කමිටුව මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉදිරි ක්‍රියාමාර්ගවලට එළඹෙනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top