Update :- අම්බලන්ගොඩදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට (වීඩියෝ)
Saturday, 22 August 2020 - 11:04 | Views - 4,283
 
අම්බලන්ගොඩ - පැරට් මංසන්ධියේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ උදෑසන 8.50 ට පමණ යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශත්‍ය් පදිංචිකරුවෙක්.

 Update :- Saturday, August 22, 2020, 10.12AM
--------------------------------------------------------------------
 
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ - පැරට් මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා තිබෙනවා.

තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top