Update :- අම්බලන්ගොඩදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට (වීඩියෝ)
Saturday, 22 August 2020 - 11:04 | Views - 4,284
අම්බලන්ගොඩ - පැරට් මංසන්ධියේ අද උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ උදෑසන 8.50 ට පමණ යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවයි.අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි අම්බලන්ගොඩ - කුලීගොඩ ප්රදේශත්ය් පදිංචිකරුවෙක්. Update :- Saturday, August 22, 2020, 10.12AM--------------------------------------------------------------------
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
අම්බලන්ගොඩ - පැරට් මංසන්ධියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා තිබෙනවා.තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අම්බලන්ගොඩ - කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
Share This Article