දින 5 කට පසු නොරොච්චෝලෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලි පද්ධතියට - අද රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් නැහැ
Friday, 21 August 2020 - 19:51 | Views - 549
අද රාත්‍රියේ සිට විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ නොරොච්චෝල බලාගාරයේ විදුලි ජනන කටයුතු යථා තත්වයට පත්කිරීම හේතුවෙන්.

කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ ඇති වූ දෝෂය හේතුවෙන් අක්‍රිය වූ නොරෙච්චෝලේ ලක් විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද පස්වරුවේ ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කෙරුණා.

එයින් මෙගාවොට් 270ක් මුදා හැරෙන අතර, සෙසු ජනන යන්ත්‍ර දෙක ඉදිරියේදි සක්‍රිය කිරීමට නියමිතයි.

කෙරවලපිටිය විදුලි බලාගාරයේ නඩත්තු කටයුත්තකදි විදුලි අධිකාරිවරයෙකු අතින් සිදු වු අත්වැරදිමක් නිසා සමස්ත දිවයිනටම මෙලෙස විදුලිය විසන්ධි වූ බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු සංගමය අද විදුලිබල අමාත්‍යංශයට පැමිණියා.

පසුගිය දිනවල විදුලි සැපයුම සීමා කිරිමේ තත්ත්වය මේ වනවිට ඉවත් කිරිමට හැකියාව ලැබී ඇති බවයි විදුලි බල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීම සඳහා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පත්කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා භාරදීමට නියමිතයි.

එසේම, මහජන උපයෝගිතා කොමිසමේ නිළධාරින් පිරිසක් ද අද කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලෙහි නිරික්ෂණ චාරිකාවක නිරත වු අතර, එම නිරික්ෂණ ඇතුළත් ස්වාධීන වාර්තාව ඉදිරියේදි නිකුත් කරන බව එම කොමිසම සඳහන් කළා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් නිළධාරින් හේතුවෙන් එය පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇති බව මහජන අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය චෝදනා කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top