හෙට පැය 5ක් අම්බලන්ගොඩ සහ බලපිටිය අවට ජල කප්පාදුවක්
Friday, 21 August 2020 - 16:30 | Views - 402
හෙට (22) පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා පැය 5ක කාලයක් අම්බලන්ගොඩ සහ බලපිටිය අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
බද්දේගම ජල පවිත්රාගාරයට සපයන විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ.
ඒ අනුව අම්බලන්ගොඩ, හික්කඩුව, බලපිටිය, බෙන්තොට, ඇල්පිටිය, බටපොල, ගෝනපීනුවල සහ බද්දේගම ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.
Share This Article