10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් පැවැත්වෙන කාලය සැප්තැම්බර් පළමුවනදා සිට සංශෝධනය වෙයි
Friday, 21 August 2020 - 16:08 | Views - 3,630
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ නිවාඩු ලබාදී යළිත් ආරම්භ කරන ලද රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පංති කිහිපයක් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව 10, 11, 12, 13 ශ්‍රේණිවල පාසල් කාලය ලබන සැප්තැම්බර් මස පළමුවනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, පරිවේණාධිපතිවරුන් සහ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා අගෝස්තු මාසය අවසන් වන තෙක් පමණක් පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරෙනු ඇති.
Share This Article