ඕස්ට්‍රේලියානු අගමැතිගෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ඇමතුමක්
Friday, 21 August 2020 - 15:42 | Views - 1,624
පසුගියදා පැවති මහමැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයට සුබ පැතීම සඳහා  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත අද උදෑසන දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

නායකයන් දෙදෙනා එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි අනෝන්‍ය සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, ශ්‍රී ලංකාව -  ඕස්ට්‍රේලියානු සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ආසියා පැසිෆික් කලාපයේ වර්ධනයන් පිළිබඳව මෙහිදී අදහස් පළ කළ  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු නව රජය සමග සමීපව කටයුතු කිරීමට අදහස් කරන බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ද සුබ පැතූ  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට කොවඩ් 19 වසංගත තත්ත්වය පාලනය කළ පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ආරාධනා කර තිබෙනවා.

එම ආරාධනාව පිලිගත්  ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා නුදුරේදීම මෙරට සංචාරය කිරීමට බලාරොත්තු වන බව සඳහන් කර ඇත්තේ මීට පෙර ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේ අත්දැකීම් ද සිහිපත් කරමින්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top