පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණීමට, රනිල් වෙනත් දිනයක් ඉල්ලයි
Friday, 21 August 2020 - 12:28 | Views - 372
නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත අද පෙරවරුවේ පැමිණියා.
ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඒ අනුව ඔහු පෙරවරු 9.35 ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි බව හිරු වාර්තාකරු කියා සිටියා.
මීට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහටද අද එම පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම්දී තිබුණා.
එහෙත් තමාට අද දිනයේ පැමිණීමට නොහැකි බවයි ඔහු කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ.
ඒ අනුව මෙම ප්‍රකාශය ලබාදීමට තමාට ලබන 31 වන දා පැමිණීමට අවසර ලබාදෙන ලෙස ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසන් සභාවෙන් ඉල්ලා තිබෙනවා.
Share This Article