පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ
Friday, 21 August 2020 - 11:55 | Views - 634
නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ සේවය කිරීම සඳහා, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග එහි සාමාජිකත්වය දරණවා.
ඊට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙක්කලනාදන්ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා පත්කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Share This Article