අම්මයි දුවයි මිතුරියන් දෙදෙනයි, මෝදර ගේක පදමට මත් වෙලා දාපු සාදයට වැඩ වැරදුනු හැටි මෙන්න
Friday, 21 August 2020 - 11:05 | Views - 681
මෝදර ධීවර කාර්යාල වත්තේ නිවසක අයිස් මත්ද්‍රව්‍ය උරා බොමින් සිටි කාන්තාවන් සිවු දෙනෙකු පෙරේදා (18) අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය සඳහන් කළා.
ලද තොරතුරක් මත මෝදර ධීවර කාර්යාල වත්තේ නිවස වටලා පරීක්ෂා කිරීමේදී සැකකරු කාන්තාවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය උරා බොමින් සිට ඇති බවත්, අනෙක් කාන්තාවන් දෙදෙනා තදින් මත්වී කාමරයක අඩනිරුවතින් සිට ඇති බවත් පොලිසිය පවසනවා.
සැකකාරියන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 බැගින් අඩංගු කුඩා පැකට් හතරක්, ලයිටර් සහ අයිස් පානය සඳහා විදුලි බල්පයක් බිඳ සකස් කරගෙන තිබූ උපකරණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්ව ඇත්තේ මවක (48), දියණියක (24) හා 31 හා 36 වියේ පසුවන කාන්තාවන්.
සැකකාරියන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පානදුර - සුමිත් ප්‍රේමතිලක
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
Share This Article