කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂාවන් අවදානම් බවට මතයක්
Friday, 21 August 2020 - 10:44 | Views - 1,127
නිසි නියාමනයෙන් තොරව සිදු කෙරෙන කොරෝනා වෛරස් ප්‍රතිදේහ පරීක්ෂාවන් ජනතාව අවදානමට ලක් කරන බවට වෛද්‍ය විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
රෝග විනිශ්චය පිළිබඳ බ්‍රිතාන්‍ය රාජකීය ආයතනය ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බව සඳහන්.
මේ නිසා ජනතාව වෙත කොරෝනා වෛරස් ප්‍රතිදේහ කට්ටල ඍජුව නිකුත් කිරීම සම්බන්ධයෙන් දැඩි සීමාවන් ක්‍රියාත්මක විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිදේහ පරීක්ෂාවන් කිසිවක් බ්‍රිතාන්‍යය තුළ නිල වශයෙන් අනුමත කර නොමැති නමුදු එවැනි පරීක්ෂා රැසක්ම එහිදී ලබාගත හැකියි.
එමෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව ශරීරය තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ මගින් දෙවැනි ආසාදනයක් වළක්වන්නේද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.
Share This Article