රාජ්‍ය ආයතනවලට අයත් වෙළඳ නිෂ්පාදන ද්‍රව්‍ය මිලදී ගන්න එකම ස්ථානයක්
Friday, 21 August 2020 - 10:06 | Views - 645
රාජ්‍ය ආයතනවලට අයත් වෙළඳ නිෂ්පාදන එකම ස්ථානයකින් මිලදී ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට වෙළඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ රජවාසල නමින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වෙළඳසැල් ජාලයක් ආරම්භකිරීමට තීරණය කර ඇති බවයි.
එහි ප්‍රථම අදියර කොටුව දුම්රිය ස්ථානය අසළ සහ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ආරම්භ කිරීමට නියමිතයි.
Share This Article