අහම්බෙන් මුණ ගැහුණු නාඳුනන සුරූපිනිය, රස්සාවක් හොයාගෙන කුරුණෑගල ආපු ජනිත්ට කරපු අපරාධය
Friday, 21 August 2020 - 9:53 | Views - 379

ජීවිතේට ලැබෙන අභියෝග කියන්නේ පරීක්ෂණ පෙළක් වගේ. සමහර වෙලාවට මේ අභියෝගවලට අපි තනි තනිව මුහුණ දෙනවා. නැත්තම් සාමූහිකව.. ගොඩාක් අභියෝග ජයග්‍රාහීව අවසන් වෙද්දී, තවත් අභියෝග ඉදිරියේ අපි පරාජයට පත් වෙනවා.
ජීවිතේ එහෙමයි............. පරාජය වගේම ජයග්‍රහණයත් අපිට විඳ දරාගන්න සිද්ධ වෙනවා. තමන්ගේ ජීවිතේ ජයගන්න, තමන්ට ලැබිච්ච අභියෝගවලට මුහුණ දුන්නු තවත් තරුණයෙක්..................... ඒ අභියෝග අවසානයේ ඔහුට අත්වුනු ඉරණම ගැනයි මේ කතාව...
එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව වරක් හිතන්න.........
සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 127 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....
මේ කතාව ජනිත් ගැනයි...
සහෝදර සහෝදරියන් පිරිවරා ගත්තු ජනිත්, රස්සාවක් නැතුව ගෙදරට වෙලා නිකරුනේ කාලය ගත කරපු හාදයෙක්. මේ "නිකමා" රස්සාවක් නොකර ඉන්න එක ගැන, නිතරම දොස් දෙවොල් තියෙන දෙමව්පියෝ දෙන්නා ජනිත්ට "රස්සාවක් හොයා ගනින්, අඩුම වගාවක්වත් කරපන්" කියන මන්තරය නිතරම වගේ මැතිරුවා..
අවසානයේ... තමන් එක්කම බෝට්ටුවේ ගිලිලා හිටපු චමිල් කියන යාළුවා එක්ක ජනිත්, යකඩ ගොඩවල් එක්ක හැප්පෙන්න තීරණය කරනවා. රැකියාව කරන අස්සෙ "රොසෙල්" කියන මැදි වයසේ කාන්තාවව ජනිත්ට මුණ ගැහෙන්නේ හුඟක් අහම්බෙන්...
මුලින් දුරකථන ඇමතුමක් දෙකක්.. වුනු ඒ "නමක් නැති සම්බන්ධකම" ටිකෙන් ටික දුර දිග යන්න පටන් ගත්තා. "සතියක්" වගේ පුංචි කාලෙකින් මේ විවාහක කාන්තාවත්, අවිවාහක ජනිතුත් "පෙම්වතුන්" බවට පත් වුනා.
"මහත්තයාගෙන් නොලැබෙන ආදරය" ජනිත්ගෙන් හොයන බව කියන රොසෙල්, ජනිත්ව තමන් සන්තක එකම වස්තුව බවට පත් කරගන්නවා. හෝටෙල්කාමරවල පෑ ගණන් ඈ එක්ක ගත කරන ජනිත්ට ඈ නිසාම වෙන්න යන වින්නැහිය යන්තම්වත් තේරුණේ නැහැ...
අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
ජනිත් ගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......
Share This Article