ඉන්දීය සාගරයේ මුරුසි දූපත අසල යාත‍්‍රා කරමින් තිබූ වකෂියෝ නමැති ජපන් භාණ්ඩ නැවේ නාවිකයන් උපන්දින සාදයක් පවත්වන අවස්ථාවේ නැව කොරල් පරයක ගැටී දෙකඩ වී ඇත.
මේ පිළිබඳව මුරුසි බලධාරීන් නැවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ. නැව දෙකඩ වීමත් සම`ගම තෙල් කාන්දුවීමක් සිදු වී ඇති අතර ඉන් කොරල්පරයට හානි සිදු විය හැකි බව බලධාරීහු පවසති.
සිංගප්පූරුවේ සිට බ‍්‍රසීලය බලා යන අතරේ මෙම අනතුර සිදු වී ඇත.
මෙම ජපන් නැවේ කපිතාන්වරයා සුනිල් කුමාර් නමැති ඉන්දීය ජාතිකයෙකි.


