අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
Friday, 21 August 2020 - 8:33 | Views - 542
සැප්තැම්බර් 01 වැනිදා සිට ඉදිරි මාස 04 ක කාලයක් සඳහා රජයට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එය ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළත් කිරීමෙන් පසු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට සැලැස්වීමටයි ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ.
එමෙන්ම, අද සහ ලබන 27, 28 යන දෙදින තුළද පාර්ලිමේන්තුව රැස්වීමටද පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය පළ වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.
Share This Article