මත්තල ගුවන් තොටුපලෙන් ගුවන් භාණ්ඩ මෙහෙයවීමේ කටයුතු ඉදිරියේදී දෛනිකව සිදුකිරීමට සැලසුම් කර ඇති බව එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය පවසනවා.
ඊට අදාළ කටයුතු ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම විසින් සිදුකරමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මත්තල ගුවන් තොටුපලින් දේශීය එළවළු සහ පළතුරු වර්ග පිටරට යැවීමේ වැඩපිළිවෙල යටතේ ප්‍රථම තොගය රැගත් ගුවන් යානය පසුගිය 16 වැනිදා ඕමානය වෙත පිටත්ව ගියා.
කිලෝ 3371 ක් පමණ එළවළු සහ පළතුරු එම තොගයට ඇතුළත්.
ඒ අනුව ඉදිරියේදීත් මත්තල ගුවන් තොටුපලින් ගුවන් භාණ්ඩ මෙහෙයවීමේ කටයුතු සිදුකරන බවයි එහි ප්‍රධාන කළමනාකරු උපුල් කලංසූරිය වැඩිදුරටත් සඳහන් කළේ.