එක රටක්, එක නීතියක් - ජනපති අවධාරණය කරයි
Thursday, 20 August 2020 - 16:07 | Views - 287
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන අතර, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

එක රටක්- එක නීතියක් යන සංකල්පය හඳුන්වා දෙන බව ද ඔහු කියාසිටියා.

ඡන්ද ක්‍රමය ද වෙනස් කර ජනතාවගේ සෘජු නියෝජනයටද ඉඩක් දෙන බව ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවට , ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින්.

ජනතාව දුන් ජන වරම අර්ථකථනය කරගැනීම වැදගත් බව කී ජනපති, රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදෙන බවද සඳහන් කළා.

කටු පොල්  වගාව සම්පූර්ණයෙන් නතර කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිශ්පාදනය කෙරෙන රබර් භාවිත කිරීමට රබර් ආශ්‍රිත කර්මාන්තකරුවන් උනන්දු කරවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

ගම්මිරිස්, කුරුඳූ වැනි අපනයන භෝග නිශ්පාදනය දිරිමත් කරවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

කෘෂි නිශ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම හරහා ගොවියාට ස්ථාවර මිලක් ලබාදෙන අතර විශාල විදේශ විනිමයක් ලබාගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙරට කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් කාබනික පොහොරවලට යොමු කිරීමට පියවර ගන්නා බව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළා.

ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අරඹමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රජය භාරගන්නා විට ජනතාව අතර ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබු බවයි.

නව රජයේ මූලික ප්‍රතිපත්තිය වන ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කර ආරක්ෂාව යළි සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.

ඕනෑම පුරවැසියෙකුට ආරක්ෂාව පිළිබඳ බිය නොවී නිදහසේ ජීවත්වීමට වටපිටාවක් යළි ලබාදී ඇති අතර සාමාන්‍ය ජන ජීවීතයට බාධාවක්ව තිබු පාතාලය මත්ද්‍රව්‍ය උවදුර වැනි ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තිබීම ජනතා විශ්වාසය ඉහළ යාමට හේතුවක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් ගුණකරුග නීතිගුරු සමාජයක් ගොඩනැගී ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.

තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු රාජ්‍ය ආයතනවල පත්කිරීඹ සඳහා පැවති සම්ප්‍රදායන් වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක් හරහා පත්වීම් සිදු කරන ක්‍රමයක් ඇති කළ බව ද ජනාධිපතිවරයා කියාසිටිියා.

නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ අතර වී ගොවීන්ට සහතික මිලක් ලබාදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.

දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර අත්හැඅර දමා තිබු වගා ඉඩම් අස්වැද්දීමට කටයුතු කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ.

උසස් පෙළ සමත් සියල්ලන්ට සරසවි වරම් හිමිවන ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මෙම මැතිවරණයේදී ජනතාව සහය ලබාදුන්නේ රජය සම්බන්ධයෙන් ගොඩනැගී තිබු විශ්වාසයට වන අතර එම විශ්වාසය තහවුරු වන ආකාරයෙන් අඛණ්ඩව සේවය කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

අගමැතිවරයා ඇතුලු නව රජයේ නියෝජිතයන් කෙරෙහි ජනතාව තැබු විශ්වාසයට ගරු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. ජනතාව මෙවැනි ජන වරමක් ලබාදුන්නේ කුමන අපේප්ක්ෂාවන් පෙරදැරිව ද යන්න අවබෝධයක් ඇති අතර කුමන හේතුවක් මත හෝ එම අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට කටයුතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඔහු මෙහිදී කියාසිටියේ සියලු ජනතා නියෝජතියන්ගේ වගකීම ජනතාවට සේවය කිරීම බව මතක තබාගත යුතු බවයි.

නිසි අයිතියක් නොමැතිව රජයේ ඉඩම් වල ජිවත් වන ජනතාව සඳහා ඉඩම් ඔප්පු ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

පානීය ජල ගැටලූවටද තිරසාර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් කියා සිටියා.
 
දීර්ඝ කාලීනව වගා කටයුතු කරමින්  සිටි ජනතාව එම ඉඩම්වලින් ඉවත් නොකරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

එමෙන්ම වන අලි ගැටලුවට විසඳුම් සෙවීමට විද්වත් මණ්ඩලයක් පත්කර ඇති අතර පානීය ජල ගැටළුව ඇතුලු මානුෂීය ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ඉදිරි වසර කිහිපය තුල රටේ සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියාසිටියා.

කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන්ගේ ඉල්ලීම් ඉටු කළ යුත වන අතර ඉන් ප්‍රධාන ඉල්ලීමක් වන වගාවන්ට ජලය ලබාදීම වෙනුවෙන් රට පුරා පවතින වැව් ප්‍රතිසංස්කරණයට පුලුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පෙන්වා දුන්නා.

රැකියා වියුක්තිය වසිඳීම සඳහා කරුණු රැසක් සාකච්ඡා කර ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේවන විට දුප්පත් පවුල්වලට රැකියා ලබාදීමට වැඩසටසහක් සකස් කර ඇති අතර උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබාදීමට මෙන්ම පුහුණුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

රජයේ රැකියා ලබාදීමේදී දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාව දීමට පියවර ගන්නා බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

රැකියා ලබාදීමේදී සෑම පළාතකටම සම අවස්ථා ලැබෙන පරිදි එය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top