කටු පොල් වගාව නතර කරන බව ජනපති කියයි
Thursday, 20 August 2020 - 15:41 | Views - 1,262

ජනතාව දුන් ජන වරම අර්ථකථනය කරගැනීම වැදගත් බව කී ජනපති, රටේ සෑම ප්රදේශයකටම පානීය ජලය ලබාදෙන බවද සඳහන් කළා.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ බව සිටියේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අභිනව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
කටු පොල් වගාව සම්පූර්ණයෙන් නතර කරන බවද ඔහු මෙහිදී සඳහන් කළා.
එමෙන්ම රබර් ආශ්රිත කර්මාන්තකරුවන් උනන්දු කරවන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
රබර්වලට නිසි මිලක් ලබාදීම සඳහා මෙරට නිෂ්පාදනය කෙරෙන රබර් භාවිත කිරීමට රබර් ආශ්රිත කර්මාන්තකරුවන් උනන්දු කරවන බවයි ඔහු කියාසිටියේ.
ගම්මිරිස්, කුරුඳූ වැනි අපනයන භෝග නිෂ්පාදනය දිරිමත් කරවන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
කෘෂි නිශ්පාදනවලට අගය එකතු කර අපනයනය කිරීම හරහා ගොවියාට ස්ථාවර මිලක් ලබාදෙන අතර විශාල විදේශ විනිමයක් ලබාගැනීමට කටයුතු කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම අරඹමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් රජය භාරගන්නා විට ජනතාව අතර ආරක්ෂාව පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබු බවයි.
නව රජයේ මූලික ප්‍රතිපත්තිය වන ආරක්ෂක සහ බුද්ධි අංශ ප්‍රතිව්‍යුහගත කර ආරක්ෂාව යළි සුරක්ෂිත කිරීමට කටයුතු කර ඇති බව ඔහු මෙහිදී සඳහන් කළා.
ඕනෑම පුරවැසියෙකුට ආරක්ෂාව පිළිබඳ බිය නොවී නිදහසේ ජීවත්වීමට වටපිටාවක් යළි ලබාදී ඇති අතර සාමාන්‍ය ජන ජීවීතයට බාධාවක්ව තිබු පාතාලය මත්ද්‍රව්‍ය උවදුර වැනි ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් තිබීම ජනතා විශ්වාසය ඉහළ යාමට හේතුවක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ හේතුවෙන් ගුණකරුග නීතිගුරු සමාජයක් ගොඩනැගී ඇතැයි ද ඔහු පෙන්වා දෙනවා.
තමා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු රාජ්‍ය ආයතනවල පත්කිරීඹ සඳහා පැවති සම්ප්‍රදායන් වෙනස් කරමින් විද්වත් මණ්ඩලයක් හරහා පත්වීම් සිදු කරන ක්‍රමයක් ඇති කළ බව ද ජනාධිපතිවරයා කියාසිටිියා.
නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට කටයුතු කළ අතර වී ගොවීන්ට සහතික මිලක් ලබාදුන් බව ද ජනාධිපතිවරයා සිහිපත් කළා.
දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට කටයුතු කළ අතර අත්හැඅර දමා තිබු වගා ඉඩම් අස්වැද්දීමට කටයුතු කළ බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ.
උසස් පෙළ සමත් සියල්ලන්ට සරසවි වරම් හිමිවන ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය පුළුල් කරන බවද ජනාධිපතිවරයා කියා සිටියා.
මෙම මැතිවරණයේදී ජනතාව සහය ලබාදුන්නේ රජය සම්බන්ධයෙන් ගොඩනැගී තිබු විශ්වාසයට වන අතර එම විශ්වාසය තහවුරු වන ආකාරයෙන් අඛණ්ඩව සේවය කරන බව ද ජනාධිපතිවරයා කියාසිටියා.
අගමැතිවරයා ඇතුලු නව රජයේ නියෝජිතයන් කෙරෙහි ජනතාව තැබු විශ්වාසයට ගරු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ. ජනතාව මෙවැනි ජන වරමක් ලබාදුන්නේ කුමන අපේප්ක්ෂාවන් පෙරදැරිව ද යන්න අවබෝධයක් ඇති අතර කුමන හේතුවක් මත හෝ එම අපේක්ෂාවන් බිඳවැටෙන ආකාරයට කටයුතු නොකරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.
ඔහු මෙහිදී කියාසිටියේ සියලු ජනතා නියෝජතියන්ගේ වගකීම ජනතාවට සේවය කිරීම බව මතක තබාගත යුතු බවයි.
Share This Article