බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 ඔක්තෝම්බර් වලින් පසු විධිමත්ව පවත්වා නෑ
Thursday, 20 August 2020 - 14:11 | Views - 329
ජාතික ආරක්ෂාව පිළිබඳව සතිපතා සාකච්ඡාවට බදුන් කෙරෙන බුද්ධි සමාලෝචනය රැස්වීම 2018 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු විධිමත්ව නොපැවැත්වූ බව පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ අනාවරණය වුණා.
ඒ, 14 වන දිනටත් හිටපු රාජ්ය බුද්ධි අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඊයේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයී.
සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරත් සදහන් කළේ පාස්කු ප්රහාරයට ඉතා නුදුරු දිනක සහරාන්ගේ පිරිස කාත්තන්කුඩියේ සිදුකළ බයිසිකල් බෝම්බ පිපිරීම් අත්හදා බැලීමක් බවට බලධාරින් දැනුම්වත් කළ බවයි.
Share This Article