සිංහරාජය ගැන කතා වූ, මාර්ගය ඉල්ලා, ලංකාගම ප්‍රදේශවාසීන් විරෝධතාවක
Thursday, 20 August 2020 - 13:17 | Views - 451
ගාල්ල - නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන කිලෝමීටර් 18 ක මාර්ගය සැලසුම් කර ඇති පරිදි සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් නෙළුව - ලංකාගම ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා.

මෙම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් සිංහරාජ වනාන්තරයට හානි සිදුවන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පසුගියදා විවිධ ප්‍රචාර පළ වූ අතර, මහාමාර්ග අමාත්‍යාංශය පසුව නිවේදනය කළේ මාර්ගයේ සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1ක කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බවයි.

එසේම, එවැනි කටයුත්තක් ඉදිරියේදී හෝ සිදු නොකරන බවද මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.

ගම්වාසීන් කරන ලද ඉල්ලීම පරිදි මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත්, පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයා වනජීවි හා වනසම්පත් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බවත් මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත්, ලංකාගම ප්‍රදේශවාසීන් අද විරෝධතාවයේ නිරත වෙමින් චෝදනා කළේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක අවශ්‍යතාව මත මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකෙරෙන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top