පැරණි ප්‍රේමයේ ඡායාරූප අලුත් පෙම්වතාගේ දුරකථනයට එවලා, ඥාති සොහොයුරාට දිවි අහිමි කරමින්, බොල්ගොඩ ගඟට පැන්න තරුණිය ගැන වෙනස්ම කතාවක් එළියට
Thursday, 20 August 2020 - 13:11 | Views - 659
මිස් කෝල් එකකින් ඇරඹෙන කතාබහ දුරදිග ගොස් මිතුරු කතා ප්‍රේම කතා බවට හැරී පසුව දෙදෙනා හඳුනාගැනීම වෙනුවෙන් ප්‍රථම දින හමුවීම සඳහා හෝටල් කාමරයක් වෙන් කර ගැනීමට තරම් අද කාලයේ තරුණ පරපුර ඉතා බුද්ධිමත්.
 
"නිදහසේ කතා කරන්නට පුළුවන් තැනකට යමු.." යැයි පවසන තරුණයන් එසේ නිදහසේ කතා කිරීමට තෝරාගන්නා එකම තැන හෝටල් කාමරයක් වීම අද කාලයේ අපූරු රැල්ලක් වන අතර, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් තරුණියන්ද ඊට එකඟවීම අතිශයින් ඛේදජනක කරුණක්.
 
"මහත්තයෝ මාව අතඅරින්නේ නෑ නේද?" යනුවෙන් එවන් අවස්ථාවකදී අසන තරුණියට,

"පිස්සුද ඔයාට? එහෙමත් කරනවාද? දැන් මට ඔයා නැතුව බෑ.." යනුවෙන් තරුණයාගෙන් පිළිතුරු ලැබෙන්නේ මොහොතකට ඇය සනසමිනුයි.
 
වැදගත්ම ජවනිකාව ඇරඹෙන්නේ එතැන් සිටයි.
 
ඉන්පසු තරුණියගෙන් පැමිණෙන දුරකථන ඇමතුම පවා බහුතර තරුණයන්ට කරදරයක්.
 
"මම වැඩක්... පස්සෙ ගන්නම්.." ඇයට බොහෝ විට ලැබෙන්නේ එවන් පිළිතුරක්.
 
මූලික ගැටලුව ආරම්භ වන්නේ එතැන් සිටයි.
 
බොහෝ තරුණියෝ ජීවිතය පිළිබඳ කළකිරි සිය දිවි නසා ගැනීමට පෙළඹෙන අතර තවත් සමහරු තමන්ට ගැළපෙන වෙනත් පෙම්වතෙක් සොයා ගන්නවා.
 
නමුත් මේ දෙකෙහිම වැඩි වෙනසක් නැහැ. වෙනත් තරුණයෙක් හා එක්වීමද සිය දිවි නසා ගැනීමකට සමානයි.
 
ඈත අතීතයේ පෙම්වත්තු තමන් සමඟ හාදව සිටි තම පෙම්වතිය වෙනත් අයකු සමඟ එක් වූ විට ඇයට සුබ පතා තනිවම දුක දරාගත්තා. නමුත් අද තත්ත්වය සපුරාම වෙනස් වනවා.
 
තමන්ට එපා වුවද තමන් සමඟ සිටි අතීත පෙම්වතිය වෙනකෙකු සමඟ යාම බොහෝ පෙම්වතුන්ට බලා සිටිය නොහැකියි. ඊරිෂ්‍යාවෙන් හා වෛරයෙන් ඔවුන් බලා සිටින්නේ ඇගෙන් පළිගැනීමටයි.
 
නැතහොත් ඇයට මතක හිටින පාඩමක් ඉගැන්වීමටයි. එසේත් නැත්තම් ඇයට සමාජයට මුහුණ දීමට නොහැකි ආකාරයේ වැඩක් කිරීමටයි.
 
මේ සිද්ධියට සම්බන්ධ 24 හැවිරිදි තරුණිය කුරුඳුවත්ත, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචි හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන්නියක්..
 
යෞවනයේ සුන්දරත්වය විඳගනිමින් ඇයද කෙනෙකුට පෙම් කළා. නමුත් කාලයා ඇවෑමෙන් හෝ කුමක් හෝ හේතුවකට ඒ පෙමට නැවතිම තැබුණා.
 
තවත් කාලයකට පසු ඇය වෙනත් තරුණයෙක් සමඟ පෙම් සබඳතාවක් ගොඩ නගා ගත්තේ කලින් පෙම්වතාගේ ඇහේ කටු අනිමිනුයි.
 
ආදරයත් වෛරයත් අතර ඇත්තේ කෙස් ගසක වෙනසක් බව සනාථ කරමින් ඇය ගේ කලින් ප්‍රේමයේ රසමුසු තැන් රැගත් ඡායාරූප කිහිපයක් පරණ පෙම්වතා විසින් නව පෙම්වතාගේ දුරකථනයට එවන්නේ ඒ අතරතුරයි.
 
සිද්ධියෙන් අපහසුතාවයට පත් තරු‍ණිය ජීවිතය නැති කර ගැනීමට සිතුවා. ඒ සඳහා ඇය තෝරාගත්තේ බණ්ඩාරගම- හොරණ මාර්ගයේ බොල්ගොඩ ගග අසළ පිහිටි තුන් බෝධිය නම් වූ ස්ථානයයි.
 
තමන් ජීවිතය නැති කර ගැනීමට යන බව දුරකථන මාර්ගයෙන් තමන්ගේම ඥාති සහෝදරයෙක් අමතා දැනුම් දීමට ඇය කටයුතු කළා.
 
බණ්ඩාරගමට නුදුරු බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඇගේ ඥාති සොහොයුරා ඉතා සුළු වෙලාවකින් එම ස්ථානයට ළඟා වෙද්දි ඒ පැමිණෙන්නේ තමන්ගේ අවසන් ගමන යයි නොසිතන්නට ඇති.
 
තමන්ගේ සොයුරා තමන් දෙසට එනු දුටු තරුණිය තප්පරයක් හෝ ප්‍රමාද නොවී ගඟට පැන්නේ තම දිවි තොර කර ගැනීමේ බලාපොරොත්තුවෙනුයි.
 
ඥාති සොයුරිය පනිනු දුටු සොයුරා ඇසිල්ලෙන් ගඟට පැන්නේ ඇගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් යුතුවයි. තමන්ට පිහිනීමට නොහැකි බව ඔහුට ඒ මොහොතේ නොසිතෙන්නට ඇති.
 
නමුත් තරුණියගේ අරමුණ ඉටුවීමට තිබූ ඉඩකඩ අහිමි කරමින් ප්‍රදේශවාසීන් මැදිහත්ව ඇය බේරාගැනුනු අතර ඇය වහා පානදුර රෝහලට යැවීමට කටයුතු කළා.
 
ඇය බේරාගැනීමට දියට පැන්න තරුණයාගේ සේයාවක්වත් දැක ගැනීමට නොලැබුණු අතර පැය ගණනවක් ඔහු සොයා ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කළා.
 
පසුව මහත් පරිශ්‍රමයක් දරා තරුණයාගේ නිසල දේහය සොයා ගන්නවා විට සිද්ධිය සිදු වී පැය කිහිපයක්ම ගතව තිබුණා. බොල්ගොඩ පාළම අසළට එක්ව සිටි තරුණයාගේ පවුලේ අය ශෝකය ඉවසා ගත නොහැකිව හඬා වැළපුනේ එතැනට එක්ව සිටි සියල්ලන් කඳුළු සාගරයක ගිල්වමින්.
 
එලෙස සමුගත් 29 හැවිරිදි තරුණයා තරිඳු මධූරංග එක්දරු පියෙකු ද වනවා.
 
තරුණිය අතින් සිදුවූ අත්වැරදි කිහිපයක් නොවන්නට මේ කතාව මෙලෙස ලියවෙන්නට ඉඩ නොතිබුණා.
 
අද එම තරුණිය ජීවත් වුවද ඇය ජීවිතයේ අවසානය තෙක් මියැදෙමින් ජීවත් වනු ඇති. මියගිය තරුණයාගේ පිරිස් සිටියා වුවත් දහස්වර මියැදෙමින් සිටිනු ඇති.
 
ප්‍රියදර්ශනි කහවල විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top