විපක්ෂයේ සංවිධායක ගයන්ත ද? හර්ෂ ද?
Thursday, 20 August 2020 - 12:53 | Views - 485
විපක්ෂයේ ප්රධාන සංවිධායක ධුරයට කවුරුන් පත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 2ට පැවැත්වෙනවා.
ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදියි.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ගයන්ත කරුණාතිලක සහ ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම් ඒ සඳහා යෝජනා වී තිබෙන බවයි එහි මන්ත්රීවරයෙකු සදහන් කළේ.
ඒ අතරින් පාර්ලිමේන්තු මන්ත්රී ගයන්ත කරුණාතිලකගේ නම ඉදිරියෙන් පවතින බව ද ඔහු කියා සිටියා.
පසුගිය යහපාලන රජය සමයේ ප්රධාන සංවිධායක ධුරය ගයන්ත කරුණාතිලක විසින් දරනු ලැබුවා.
Share This Article