හබරණ පොලිස් මාර්ග බාධකයේදී සිදුවූ ටිපර් රථ අනතුරකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහලේ
Thursday, 20 August 2020 - 12:46 | Views - 458
පොළොන්නරුව - හබරණ - හතමුණේ පොලිස් මාර්ග බාධකයේදී, අපරීක්ෂාකාරිව ගමන් කළ ටිපර් රථයක් එහි යකඩ බටයක ගැටී ඊයේ සිදුවූ අනතුරකින් ඒ අසල සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරත් සමඟ යකඩ බටය ගැලවී ගොස් මාර්ග බාධකය අසල සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇති බවයි.
අවුරුදු 49 සහ 54 යන වයස්වල පසුවන මොවුන් පොළොන්නරුව පොලිසියට අනුයක්තව සේවය කරන්නන්.
මොවුන් මේ වනවිට පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පළාගිය ටිපර් රථය සොයා විමර්ශණ ක්‍රියාත්මකයි.
Share This Article