චොකලට් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන නොසිතූ ප්‍රතිලාභ මෙන්න...
Wednesday, 09 May 2018 - 9:58 | Views - 10,981
චොකලට් යනු වයස් භේදයකින් තොරව බාල-මහළු අප සැවොම එක ලෙසටම ආදරය කරන ආහාරයකි.වර්තමානයේ විවිධ සන්නාම වලින් චොකලට් වෙළඳපොලේ දකින්නට ඇත.ඒවා අතර White,Dark ලෙසටද සුවිශේෂී වූ වර්ගයන්ද දැකිය හැක.බහුතර මතය වන්නේ  Dark චොකලට් පමණක් ශරීරයට හිතකර බවයි. නමුත් කොකෝවා ආශ්‍රිතව නිර්මාණය කරන ඕනෑම චොකලට් වර්ගයකින්  ඔබේ ශරීරයට ලැබෙන නොසිතූ වාසි රැසක් ඇත.



හදවතට රුධිර සංසරණයට ඉතා හිතකරය...

මෑතකදී සිදු කල පරීක්ෂණයකට අනුව,Dark චොක්ලට් ආහාරයට ගත් විට රුධිරයද රුධිර බිත්ති වල ඇලී සිටීම වලකින අතර, එය ධමනි වලට ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාව වැඩි කරයි.

ඛණිජ වලින් පොහොසත්ය...

දිනපතා චොක්ලට් ආහාරයට ගැනීමෙන් ශරීරයට ඉතා හිතකර වටිනා ඛණිජ ප්‍රමාණයක් ලබාගත හැකිය. චොක්ලට් වල සින්ක් සහා සෙලේනියම් වැනි ප්‍රයෝජනවත් ඛණිජ අඩංගු වේ.



ශරීරයේ කොරොස්ට්‍රෝල් මට්ටම අඩු කරයි...


දිනපතා කොකෝවා භාවිතා කිරීම ශරීරයේ නරක කොරොස්ට්‍රෝල් මට්ටම පහතට දමා, හෘද රෝග අවදානම අඩු කර, හොද කොරොස්ට්‍රෝල් මට්ටම ඉහත හෙලයි.



සමට ඉතාමත් හිතකරය...


Dark චොක්ලට් වල අඩංගු "ෆ්ලෙවනොල්ට්" වලින් හිරුගෙන් සිදුවන හානි වලින් සම ආරක්ෂා කරගත හැකිය.


ශරීරයේ බර නිසි ආකාරව පවත්වා ගැනීමට...

දිනපතා චොක්ලට් ආහාරයට ගැනීම ශරීරයේ බර අඩු වීමට බෙහෙවින් උපකාර වන බව ස්නායු විද්‍යා පරීක්ෂක 'විල් ක්ලචර්' මහතා පවසනවා. එමගින් ආහාර රුචිය අඩු කරන අතර ආහාර පාලනය වේ.

මව්වරුන්ට හා දරුවන්ට හිතකර වේ.

දිනපතා චොකලට් ආහාරයට ගැනීම මවුවරුන්ගේ මානසික පීඩණය අඩු කිරීමට උපකාරී වන බව ෆොක්ස් අධ්‍යනයකින් සොයාගෙන තිබෙනවා. චොක්ලට් ආහාරයට නොගත් මවුවරුන්ගේ දරුවන්ට වඩා, ආහාරයට ගත් මවුවරුන්ගේ දරුවන් වැඩියෙන් සිනාසී ඇති බව වාර්තා වෙනවා.

දියවැඩියාව වැලැක්විය හැකිය...

විශ්වාස කිරීමට අපහසු වූවත් මෙය සත්‍යකි. ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීමේ ගුණයක් කොකෝවා වලට ඇත. Dark චොකලට් මධ්‍යස්තව ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සෑදීම පාලනය කිරීම හෝ මුලුමනින්ම නවතාලිය හැකිය.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top